මේකට තියන ආරම්භක පියවරක් විදිහට මම ඔයාලට මෙන්න මේ ලිපි පෙළ ගෙන එන්නම්..
අරුම පුදුම මිනිස් රොබෝ අපේ යහළු Asimo.
යාලුවනේ මේ රූපයෙන් දැක්වෙන්නේ ලොව ජනප්‍රිය රොබෝවෙක්. Honda සමාගමේ නිෂ්පාදනයක් වන මොහුගේ නම "Asimo". 2000/10/21 දින පළමුවරට එළිදැක්වුණු මෙම අපූරු රොබෝ යන්ත්‍රය අයත් වන්නේ "Humanoid" ගණයටය.(එනම් මිනිසුන්ට සමාන ස්වරූපයක් ඇති රොබෝ කාණ්ඩයටයි). ආබාධිත හෝ වයෝවෘධ පුද්ගලයන්ගේ සහායකයකු ලෙස යොදාගත හැකි රොබෝවෙකු නිර්මාණය කිරීම අරමුණුකොට ගෙන ඇරඹි පර්යේෂණාත්මක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස බිහිවූ මෙම අපූරු නිර්මාණය ලොව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුනා.
අඩි 4යි අඟල් 3ක් උසින්ද, 54Kg බරින්ද යුත් Asimo , මිනිසකුට සමාන ලෙසින් ඇවිදීමට, දිවීමට, බර ඉසිලීමට පමණක් නොව, පාපන්දු ක්‍රීඩාවේ යෙදීම, පඩිපෙල් නැගීම වැනි ඉතා සියුම් ක්‍රියාවන් වුවද කිරීමට සමත් ඇති දියුණු රෝබෝවෙකි. එසේම තමන්ගේ බැටරි තත්වය පරීක්ෂා කර බලා ඒ අනුව ස්වයංක්‍රීයව නැවත විදුලි සැපයුමකට සම්බන්ධ වී recharge කරගැනීමට Asimo සමත් වෙයි. මෙවැනි සුවිශේෂී ලක්ෂණ බොහොමයක් සහිතව සැකසුනු Honda සමාගමේ මෙම අපූරු නිර්මාණය ලොව රොබෝ නිර්මාණකරණයේ විශාල ඉදිරි පියවරක් ලෙස ඉතිහාසගත වෙනවා.Asimo ගේ විශිෂ්ට හැකියාවන් බලන්න මෙතනින්.


